Gossips

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සති අන්තය වන විට තවදුරටත් ඉහළ යාමක් වාර්තා වනවා.
ඇමරිකානු සංචිත පහත වැටීම, ඔපෙක් සංවිධානයේ නිෂ්පාදන කප්පාදුව මෙන්ම ඉරානයට සහ වෙනිසියුලාවට පැනවුණු ආර්ථික සම්බාධක මෙලෙස තෙල් මිල ඉහළ යාමට හේතුවයි.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 72කට ආසන්න මිලකට ඊයේ අලෙවි වුණා.
ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 64ක් ලෙසයි.