Gossips

ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ යයි

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ඊයේ (25) දිනයේදී සති ගණනකින් අවම අගයන් සලකුණු කළා.
ඒ, තෙල් නිෂ්පාදන කප්පාදුව අත්හිටුවීම පිළිබඳව ඔපෙක් සංවිධානය සහ රුසියාව අදහස් පළ කිරීමත් සමඟයි.
ඉරානයේ සහ වෙනිසියුලාවේ තෙල් නිෂ්පාදනවල දායකත්වය අවමවීම හේතුවෙන් දිනකට බැරල් මිලියනයක තෙල් කප්පාදුව නතර කළ යුතු බවටයි දැන් අදහස් පළ වී ඇත්තේ.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල ඊයේ දිනයේ සියයට 3කින් පහත වැටී සටහන් වූයේ ඩොලර් 76යි ශත 44ක් ලෙසයි.