Gossips

ලෝක වෙළඳපොළේ තෙල් මිලේ ප්‍රකෘතිමත්වීමක්

ඔපෙක් සංවිධානයේ නිෂ්පාදන කප්පාදුව මෙන්ම ඇමරිකාව සහ චීනය අතර තීරු බදු අර්බුදය විසදෙන ලකුණු පහළවීම හේතුවෙන් ලෝක වෙළදපොළේ තෙල් මිල ප්‍රකෘතිමත්වීමක් ඊයේ දක්නට ලැබුණා.
ඒ අනුව පසුගිය සතිය තුළ සියයට 3කින් පහත වැටුණු බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ නැවතත් සියයට 1කින් ඉහළ ගොස් සටහන් වූයේ ඩොලර් 65යි ශත 71ක් ලෙසයි.
ඔපෙක් සංවිධානයේ තෙල් සැපයුම පසුගිය පෙබරවාරි මාසය තුළ වසර 4කින් අවම මට්ටමට පැමිණුනා.