Gossips

ලෝක වෙළඳපොලේ තෙල් මිල සංස්ථාවට දරාගත නොහැකි බව අගමැති කියයි

ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම ඛනිජ තෙල් සංස්ථාවට දරා ගත නොහැකි පාඩුවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට අද (12) පස්වරුවේ එක්වෙමින්.
කෙසේ වෙතත්, ධීවරයින්ට සහ සමෘද්ධිලාභීන්ට භූමිතෙල් සඳහා සහනාධාර ලබාදීමට රජය කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.