Gossips

ලෝක වෙළඳපොලේ තෙල් මිල තවත් ඉහළට

නිෂ්පාදනය ඉහළ නංවන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීම සෞදි අරාබිය සහ රුසියාව ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81 ඉක්මවා තිබෙනවා.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල වසර හතරකින්, එනම් 2014 නොවැම්බර් මාසයෙන් පසු ඉහළම අගය සළකුණු කරමින්, ඊයේ (24) දිනයේදී ඩොලර් 81 යි ශත 16 ක් ලෙස සටහන් වුණා.
දිනක් තුළ තෙල් මිල මෙලෙස සියයට 3කින් ඉහළ යාමද විශේෂත්වයක්.
ඔපෙක් හෙවත් තෙල් අපනයන කරන රටවල සංවිධානයේ විශාලතම නිෂ්පාදකයා වන්නේ සෞදි අරාබියයි.
එමෙන්ම රුසියාව, ඔපෙක් සංවිධානයෙන් පිටත විශාලතම තෙල් නිෂ්පාදකයා වනවා.
තෙල් මිල සම්බන්ධයෙන් පසුගිය ඉරිදා ඔවුන් ඇල්ජියර්ස් නුවරට රැස්වී සාකච්ඡා කළද එය විසඳුමකින් තොරව අවසන් වුණා.