ජාත්‍යන්තර වෙළදාම නියාමනය සහ රටවල් අතර වෙළද ආරවුල් විසදීම සදහා ජගත් සංවිධානය යටතේ පිහිටුවා ගනු ලැබූ ඩබ්ලිව්.ටී. ඕ හෙවත් ලෝක වෙළද සංවිධානයෙන් ඉවත් වන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තර්ජනය කර තිබෙනවා.
ඔහු සදහන් කරන්නේ ලෝක වෙළද සංවිධානය ඇමරිකාවට අහිතකර ලෙස කටයුතු කරන බවයි.
එම තත්ත්වය වෙනස් කිරීමට අපොහොසත් වුවහොත් ඇමරිකාව ඉන් ඉවත් කර ගැනීමට කටයුතු කරන බවයි ජනපති ට්‍රම්ප් සදහන් කර ඇත්තේ.
ට්‍රම්ප් පරිපාලනය විසින් පසුගිය කාලය තුළ චීනය ඇතුලූ රටවලට පැනවූ අධික ඒකපාර්ශවික බදු ලෝක වෙළද සංවිධානයේ විවේචනයට ලක්ව තිබෙනවා.
ඇතැම් රටවල් ඒ සදහා ලෝක වෙළද සංවිධානයේ මැදිහත්වීමක් ද අපේක්ෂා කරන බව සදහන්.