Politics Sri Lanka

ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති මණ්ඩල සැසියට ජානක අධිකාරී ඉරානයට

ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති මණ්ඩල සැසියට ජානක අධිකාරී ඉරානයට

ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ (WFTU) සභාපති මන්ඩලයේ 2018 වසර සදහා පවත්වන රැස්වීම පසුගිය පෙබරවාරි 26 හා 27 දෙදින ඉරානයේ ටෙහෙරාන් නුවර දී පවත්වන ලදී. එකී සභාපති මන්ඩලය ලොව රටවල් 40ක වෘත්තීය සමිති නයකයින් 40 දෙනෙකුගෙන් සමන්විත වේ.

එකී 40කින් සමන්විත නායකත්ව මන්ඩලයේ එක් සාමාජිකයෙකු වන්නේ ශ්‍රී ලංකාවේ අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරි මහතා එකී සභාපති මන්ඩලයේ සැසිවාරය සදහා සහභාගී විය.

අධිරාජ්‍යවාදී ආර්තික අර්බුදය අර්බුදය උත්සන්න වී ඇති බවත් එහෙයින් වෘත්තීය සමිති හා සේවක මර්ධනය ලොව නන්දෙසින් පැන නැගී ඇති තත්වයක් බවත් ඊට එරෙහිව සටන්කාමී මැදිහත් වීමක අවශ්‍යතාව අනිවාර්ය බවත් මෙම රැස්වීමේදී සකච්චා කළ බව ජානක අධිකාරී මහතා ප්‍රකාශ කොට සිටියේ ය.

එමෙන්ම අධිරාජ්‍යවාදී මැදිහත්වීම හා වුවමනාව මත කියුබාව, වෙනිසියුලාව, උතුරැ කොරියාව, පලස්තීනය, ඉරානය ඇතුළු රටවල් ගනනාවාක් සම්බන්ධයෙන් පනවා ඇති සම්භාදක හෙලා දකිමින් ලෝක වෘත්තීය සමිති නායකයන් තවදුරටත් යෝජනා සම්මත කොටගෙන ඇත.

ජානක අධිකාරී මහතා තවදුරටත් ප්‍රකාශ කොට සිටුයේ ලංකාවේ විශ්‍රාම වැටුප් කප්පාදු, කම්කරු නීති සංශෝධනය, ණය බර හා ඒ තුළ වැඩකරන ජනයාට දැරීමට සිදුවෙන පීඩනය ආදී බොහෝ වැදගත් කරුනු රැසාක් පිලිබඳ ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ අවධානය යොමු කරවීමට හැකි වූ බවයි.