Gossips

ලෝක බැංකුව, ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි

ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මන්දගාමී වීම සහ අභියෝගකාරී දේශපාලන වාතාවරණය මෙරට ආර්ථිකයට අහිතකර ලෙස බලපානු ඇති බවට ලෝක බැංකුව අනතුරු ඇගවීමක් කරනවා.
දේශීය වශයෙන් පවතින මැතිවරණ චක්‍රය මෙන්ම විදේශීය වශයෙන් ප්‍රධාන ගැණුම්කාර රටවල ආර්ථික වර්ධනය මන්දගාමීවීම මෙලෙස මෙරට ආර්ථිකයට බලපාන ප්‍රධාන කරුණු බව එමගින් සඳහන් කළා.
කෙසේ නමුත්, පාරිභෝජනය සහ ආයෝජන මුල් කර ගත් මෙරට ආර්ථිකය මේ වසරේදී සියයට 4.5ක වර්ධනයක් අත් කරගනු ඇති බවයි ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ.
ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට කැපවීම සහ තරඟකාරීත්වය, යහපාලනය සහ රාජ්‍ය මුදල් කළමනාකරණය තුළින් ආර්ථිකයේ සුබදායී පැතිකඩක් දැකිය හැකි බව එමගින් පෙන්වා දෙනවා.