මෙරට දුප්පත්කම දරුණු ලෙස පවතින ප්‍රදේශවල මිලියනයකට අධික ජනතාවට සේවා සැපයීම කාර්යක්ෂම කිරීම සඳහා ඩොලර් මිලියන 70ක මූල්‍යාධාරයක් ලබාදීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා.
එමගින් උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල දුගී බවෙන් පෙළෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට හැකි වනු ඇති බවයි ලෝක බැංකුව ප්‍රකාශ කළේ.
විශේෂයෙන් එම ප්‍රදේශවල සනීපාරක්ෂක, සෞඛ්‍ය පහසුකම් සහ මහාමාර්ග වැඩි දියුණු කිරීමට අදාළ මූල්‍යාධාරය යොදා ගැනීමට නියමිතයි.
