Gossips

ලෝක ප්‍රසිද්ධ ටෙනිස් තරඟාවලිය මැද සුරූපී ක්‍රීඩිකාව ඇඳුම ගලවා දමයි

ටෙනිස් තරඟාවලියකදී ක්‍රීඩිකාවක් ඇඳ සිටි ඇඳුම ගලවා ඉවත්කරන වීඩියෝවක් විදෙස්ම් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම ඇමෙරිකානු විවෘත ටෙනිස් තරඟාවලිය අතරතුර සිදුවූවක් බවටයි වාර්තා වන්නේ.
මෙහිදී ප්‍රංශ ජාතික ක්‍රීඩිකා Alize Cornet විසින් තමන් ඇඳ සිටි උඩුකය ඇඳුමයි මෙලෙස ගලවා නැවත ඇඳගන්නේ.
කෙසේ වෙතත් එම අවස්ථාවේ තරඟයේ ප්‍රධාන විනිසුරුවරයා පවසන්නේ මෙය ක්‍රීඩා ආචාරධර්මවලට පටහැනි බවයි.
අනතුරුව බොහෝදෙනෙකුගේ අවධානය එම අවස්ථාව වෙත යොමුව තිබෙනවා.
මේ අතර ඇමෙරිකානු විවෘත ටෙනිස් තරඟාවලිය සංවිධායකයන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් ඇයට දැඩිලෙස අවවාධ කළ බවයි.
ඔවුන් පවසන්නේ ක්‍රීඩිකාවකට එවැනි ක්‍රියාවක් නුසුදුසු බවයි.
එවැනි දෙයක් සිදුකිරීමට අවශ්‍ය වුවහොත් ක්‍රීඩා පිටිය තුළ ඇති ආවරණය කර ඇති ස්ථානයක මෙලෙස ඇඳුම් මාරු කිරීමට හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.
එසේම ඉදිරියට වෙනත් ක්‍රීඩිකාවන්ගෙන් මෙවැනි හැසිරීමක් බලාපොරොත්තු නොවන බවත් ඔවුන් පවසා තිබෙනවා.
කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ ඉදිරියට මෙම සිදුවීම සම්බන්ධයෙන් දඬුවමක් ඇයට නොලැබෙන බවයි.
මේ අතර අදාළ ප්‍රකාශය සඳහා විවිධ පාර්ශව වෙනස්ම ආකාරයේ විවේචනයන් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක්.
එවැනි පිරිස් පෙන්වාදී ඇත්තේ මෙම කාලවකවානුවේ නිව්යෝක් හි පවතින දැඩි අව් රශ්මිය හේතුවෙන් මෙවැනි සිද්ධීන් සාමාන්‍ය බවයි.
ඒ අතර මීට පෙර ලෝක ප්‍රසිද්ධය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිටිය තුල උඩුකය නිරුවතින් ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන ඡායාරූපද ඇතුලත්.