Gossips

ලෝක දෘෂ්‍යාබාධිත ක්‍රිකට් සම්මේලනයේ ඉහල පුටුවක් ශ්‍රී ලංකාවට

ලෝක දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක්‍රිකට් සම්මේලනයේ උප සභාපති ලෙස ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති චමින්ද පුෂ්පකුමාර තේරී පත්ව තිබෙනවා.
ඒ, නේපාලයේ -කත්මන්ඩු නුවර පැවති ලෝක දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක්‍රිකට් සම්මේලනයේ 21 වන මහා සභා රැස්වීමේදීයි.
එහිදී පැවති ඡන්ද විමසීමේදී චමින්ද පුෂ්පකුමාර එහි උප සභාපති ධූරයට තේරී පත් වුණා.
ලෝක දෘෂ්‍යාබාධිවූවන්ගේ ක්‍රිකට් සම්මේලනයේ 22 වන මහා සභා රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ද මෙහිදී තිරණය වී තිබෙනවා.