Gossips

ලෝක දුම්වැටි නිවාරණ දිනය අදයි

ලෝක දුම්වැටි නිවාරණ දිනය අදට යෙදී තිබෙනවා.
මෙවර එහි තේමාව ‘‘දුම්වැටියෙන් හදවත් රැකගන්නට හදවතින්ම දායකවෙමු’’ යන්නයි.
දුම්වැටි භාවිතය පුද්ගලයෙකුගේ ආයු කාලය වසර 10කින් අඩුකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.
සමීක්ෂණවලින් හෙළිවී ඇත්තේ දුම්වැටි භාවිතය හේතුවෙන් වසරකට ලොව පුරා පුද්ගලයින් මිලියන 7ක් මිය යන බවයි.
2030 වන විට එය මිලියන 8ක් දක්වා ඉහළ යාමේ අවදානමක්ද පවතිනවා.
මේ අතර මෙරට මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතය නිසා ඇතිවන රෝගාබාධ හේතුවෙන් වසරකට 15000කට වැඩි පිරිසක් මිය යන බවයි.
අදාළ රෝගීන් වෙනුවෙන් වසරකට වැයවන මුදල රුපියල් කෝටි 7500ක්.
එසේම ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15 ට වැඩි පුද්ගලයින් 17 ලක්ෂ 25000ක් දවසකට දුම්වැටි භාවිත කරනවා.
දුම්වැටි භාවිතයේ ආදීනව පිළිබඳව මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍ය සාරථ කන්නන්ගර කියා සිටියේ ශ්‍රී ලංකාවේ කාන්තාවන් පසුගිය වසර කිහිපය තුළ දුම්වැටි භාවිතයට වැඩි නැඹුරුවක් දක්වා ඇති බවට අනාවරණ වන බවයි.