Gossips

ලෝක ජල දිනය අදයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර ලෝක ජල දිනය සමරන්නේ එය මේ වනවිට නොසලකා හැරිය නොහැකි දෙයක් බවට පත්වීම තේමා කරගනිමින්.
ජල සම්පත මානව අයිතිවාසිකමක් ලෙස හඳුන්වන ඔවුන් ලොව පුරා බිලියන 2.1 ක ජනතාව පිරිසිදු ජලය නොමැතිව සිටින බව සඳහන් කරනවා.
දෛනිකව මියයන දරුවන් 700 දෙනෙකු පමණ එම උවදුරට ගොදුරු වන්නේ ජල දූෂණය සහ නිසි සනීපාරක්ෂක පහසුකම් නොමැතිවීම හේතුවෙන්.
අදටත් ලොව පුරා නාගරික ප්‍රදේශවල 80% ක් ජනතාවට පිරිසිදු ජලය නැහැ.
ශ්‍රී ලංකාවේ අපටද පිරිසිදු ජලය පිළිබඳ අවධානමක් පවතින්නේ මෙවන් තත්ත්වයක් තුළයි.
ජල මුලාශ්‍ර රැකගැනීම තවදුරටත් පමා කළහොත් එය නිවැරදි කළ නොහැකි වරදක් බවට පත්වනු ඇති.