Gossips

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට ඩ්‍රෝන ප්‍රහාර තර්ජනයක්

රුසියාවේ දැන් පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ක්‍රීඩාංගණවලට ඩ්‍රෝන යානාවල ඇටවූ බෝම්බ මගින් ප්‍රහාරයක් එල්ල කරන බවට අයි.එස්. සංවිධානය තර්ජනය කර තිබෙනවා.
ඒ සඳහා ඔවුන් සජීවිකරණ වීඩියෝ පටයක් ද නිර්මාණය කර ඇති අතර එය මේ වන විට සමාජජාලවලින් ප්‍රචාරය වන බව ද සඳහන්.
මෙය ඇතැම් විට ප්‍රචාරක උපක්‍රමයක් පමණක් විය හැකි වුවත්, අයි.එස්. තර්ජන නොසලකා හැරිය නොහැකි බවයි ත්‍රස්ත සංවිධාන පිළිබඳ විශේෂඥයෙකු ඩේලි මේල් පුවත්පතට පවසා ඇත්තේ.
අයි.එස්. සංවිධානය ඉරාකයේදී සහ සිරියාවේදී මෙවැනි ඩ්‍රෝන බෝම්බ ප්‍රහාර එල්ල කර තිබෙනවා.
කෙසේ නමුත්, මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඩ්‍රෝන ප්‍රහාර ඇතුළු සියළු ත්‍රස්තවාදී තර්ජන සඳහා රුසියාව සූදානම් වූයේ බොහෝ කලක සිටයි.