ලෝක කුසලානය අභියස බංග්ලාදේශ කණ්ඩායම අසීරු තත්වයකට පත් වෙයි.."
ලෝක කුසලානයට තවත් ඇත්තේ දවස් 47ක් වැනි කෙටි කාලයක්.
මේ වන විට ලෝක කුසලානය වෙනුවෙන් බොහෝ රටවල් සුදානම් වෙමින් පවතිනවා.
කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්නෙකු ආබාධයකට ලක්ව තිබෙනවා.
මෙසේ ආබාධයට ලක්ව ඇත්තේ වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසුර් රෙහ්මාන්.
ඔහුගේ වළලුකර මෙලෙස ආබාධයට ලක්ව ඇති අතර ඒ හේතුවෙන් සති දෙකක කාලයක් විවේක ගන්නා ලෙසයි වෛද්‍යවරුන් උපදෙස් ලබා දී ඇත්තේ.
ඒ අනුව ඔහුට එළඹෙන අයර්ලන්ත සංචාරයට එක්වීමේ අවස්ථාවද අහිමි ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ වන විට බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ම ආබාධ වලට ලක්ව ඇති අතර ඒ හේතුවෙන් ලෝක කුසලානයට ඔවුන්ගේ සභාගිත්වයද අවිනිශ්චිත මට්ටමක පවතිනවා.
මේ වන විට බංග්ලාදේශ කණ්ඩායමේ ආබාධවලට ලක්ව ඇති ක්‍රීඩකයන් අතරට මහ්මුදුල්ලාහ්, රුබෙල් හුසේන්, මෙහිදී හසාන් සහ මොහොමඩ් සයිෆුදීන් අයත් වනවා.rn