Gossips

ලෝක කුසලානයේදී ඔහු කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක්- ආසියානු කුසලානයෙන් හැලුණු ක්‍රීඩකයා ගැන තේරීම් කමිටු ප්‍රධානීයා කට අරී

2019 දී පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියේදී මොහොමඩ් හෆීස් සිය කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙකු බව පාකිස්ථාන තේරීම් කමිටු ප්‍රධානී ඉස්මාම් උල් හක් පවසනවා.
ලෝක කුසලාන තරඟාවලියේ සැලැසුම් තුල හෆීස් සිටින බවය ඉස්මාම් වැඩිදුරටත් පවසා සිටියේ.
කෙසේ වෙතත් මේ මස 15 වනදා ආරම්භ වන ආසියානු කුසලාන තරඟාවලිය සඳහා නම් කළ පකිස්ථාන සංචිතයට මොහොමඩ් හෆීස් නම් කර තිබුනේ නැහැ.
තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ට එම සංචිතයේ ඉඩක් ලැබුනේ නැහැ.
හෆීස්ට අමතරව තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ද ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම නිසා ආසියානු කුසලානය වෙනුවෙන් නම් කළ පාකිස්ථාන සංචිතයට නම් නොකළ ක්‍රීඩකයෙක්.
ආසියානු කුසලාන තරඟාවලියේ පාකිස්ථාන කණ්ඩයම සහභාගීවන පළමු තරඟය හොං කොං කණ්ඩායම සමඟ ලබන 16 වනදා පැවැත්වෙනවා.