Gossips

ලෝක කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, ඉසුරු උදාන, ජීවන් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, අවිශ්ක ප්‍රනාන්දු, මිලින්ද සිරිවර්ධන, ජෙෆ්රි වැන්ඩසේ ඇතුළත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත, වනිඳු හසරංග, භානුක රාජපක්ෂ අමතර ක්‍රීඩකයින් ලෙස කණ්ඩායමට නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ මෙම සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ද අනුමැතිය ලැබී ඇති බවයි.