Gossips

ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමක -සංගක්කාර

එළඹෙන ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමක පසුවන බව හිටපු ක්‍රිකට් නායකයෙකු වන කුමාර් සංගක්කාර පවසනවා.
කොළඹ ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට පළ වන වාර්තා පිළිබදව ද මාධ්‍යවේදීන් මෙහිදී සංගක්කාරගෙන් විමසූ අතර ඔහු කියා සිටියේ එවැනි කිසිදු සූදානමක් තමන්ගේ නොමැති බවයි.