Gossips

ලෝක කුසලානයට පෙර තරග, කණ්ඩායමට අත්‍යවශ්‍ය අත්දැකීමක් – මාලිංග

නවසීලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය ලෝක කුසලාන තරගාවලිය සඳහා අත්‍යාවශ්‍ය අත්දැකීමක් වන බව ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පවසනවා.
එසේම ඉදිරියේදී පැවැත්වෙන සියලූ තරග ලෝක කුසලාන තරගාවලියට සමාන තත්ත්වයන් බවයි ඔහු ප්‍රකාශ කළේ.
නවසීලන්ත – ශ්‍රී ලංකා පළමු එක්දින තරගය හෙට පැවැත්වෙන අතර, මාලිංග ප්‍රකාශ කරන්නේ කුමන තත්ත්වයක් යටතේ වුවද ශ්‍රී ලංකාවට ශක්තිමත් ආරම්භයක් අවශ්‍ය බවයි.
පළමු පන්දු වාර 10 තුළ ශක්තිමත් ඉනිමක් ගොඩනගා, අවසාන පන්දු වාර කිහිපයේදී වේගවත් ඉනිමක් කරා ගමන් කිරීමෙන් තරගය ජයග්‍රහණය කළ හැකි බව ඔහු සඳහන් කර තිබෙනවා.