Gossips

ලෝක කුසලානයට කණ්ඩායම් නම් කිරීමේදී ගැටළු

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භවීමට දින 50 කට අඩු කාලයක් තිබියදී ඉන්දියාව හෙට සිය කණ්ඩායම නම් කිරීමට නියමිතයි.
එහිදී ඔවුන් ප්‍රවීන ක්‍රීඩකයන් සහ දස්කම් දක්වන නවකයන් අතුරෙන් අවසන් කණ්ඩායම තෝරා ගැනීමේ ගැටළුවකට මුහුණදෙන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
විරාට් කෝලි සමඟ රෝහිත් ෂර්මා සහ ෂිකර් ධවාන් පිතිකරුවන් ලෙස නියත වශයෙන්ම කණ්ඩායමට එක්වනු ඇති අතර, අංක හතර ස්ථානය සඳහා ලෝකේෂ් රාහුල්, රිෂ්බා පාන්ට්, අම්බටි රයිදු, විජේශංකර් සහ මහේන්ද්‍රසිං දෝණි අතර පවතින්නේ තියුණු තරගයක්.
ජස්ප්‍රිට් බුම්රා සහ මොහොමඞ් ෂමී වේග පන්දු යවන්නන් අතර පෙරමුණේ සිටියද බුවනේෂ්වර් කුමාර්ට අමතරව සිව්වන වේග පන්දු යවන්නා සඳහා මොහොමඩ් සිරාජ්, කලීල් අහමඞ්, සිදාර් කවුල්, උමේෂ් යාදව් සහ ඉෂාන් ෂර්මා අතරද තියුණු තරගයක් පවතින බව සඳහන්.
මහේන්ද්‍රසිං දෝණි කණ්ඩායමට තෝරාගත්තද දෙවන කඩුලූ රකින්නා ලෙස යොදාගන්නේ කවුරුන්ද යන්න ඉන්දියාව මුහුණදෙන තවත් ගැටළුවක්.
ඒ සඳහා රිෂ්බා පාන්ට්, දිනේෂ් කාර්තික්, ලෝකේෂ් රාහුල් සහ අම්බටි රයිදු අතර නැවතත් පවතින්නේ තරගයක්.
මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා පිලද ලබන 18 වනදා නම් කිරීමට නියමිත අතර, එහිදී නායකත්වය පිළිබඳව හෝ ක්‍රිකට් බලධාරින් මෙතෙක් අවසන් තීරණයකට එළඹී නැහැ.