Gossips

ලෝක කුසලානයට එල්ලවිය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් ගැන අනතුරු අඟවයි

ජුනි මස 14 වනදා රුසියාවේදී ඇරඹෙන පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
ඒ අන්තර්ජාලය කළඹමින් ලොව භයානක ත්‍රස්ත සංවිධානයක් වන ISIS විසින් විශේෂ නිවේදනයක් නිකුත් කිරීමත් සමඟයි.
එහි දැක්වෙන්නේ ලෝක කුසලානය ඉලක්ක කරමින් ප්‍රහාර මාලාවක් දියත් කරන ලෙසට එම සංවිධානය විසින් සිය ආධාරකරුවන්ගෙන් කරන ඉල්ලීමක්.
මෙලෙස ISIS සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම දැන්වීමේ දැක්වෙන්නේ "ඔවුන් සියලුදෙනා මරා දැමියයුතුයි" යන්නයි.
එම දැන්වීමේ පිහි කට්ටලයක් දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එය ISIS සංවිධානයට සහය දක්වන ප්‍රංශ ත්‍රස්ත සංවිධානයක් විසින් නිකුත් කරන ලද දැන්වීමක් බවයි.
මේ අතර ඔවුන් විසින් පසුගිය මාර්තු මාසයේදී නිකුත් කළ දැන්වීමක දැක්වෙන්නේ සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී දණ ගසාගෙන සිටින අතර ISIS ත්‍රස්තයෙකු විසින් පිහියක් අතැතිව එක් අතකින් මෙසිගේ හිස අල්ලාගෙන සිටින ආකාරයයි.
එම පසුබිමේ දැක්වෙන්නේ මෙවර ලෝක කුසලාන අවසන් මහා තරඟය පැවැත්වීමට නියමිත මොස්කව් නුවර ලුසිනිකි ක්‍රීඩාංගණය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුගිය මාසයේදී එම සංවිධානය විසින් රුසියානු නායක පුටින් හට තර්ජනය කරමින්ද දැන්වීමක් අන්තර්ජාලයට එක්කර තිබුනා.
එහි දක්වා තිබුනේ "කළ දේ සඳහා මිල ගෙවීමට සූදානම් වනු" යන්නයි
එහි පාපන්දු ක්‍රීඩාංගණයක් දැක්වෙන අතර එක් පසෙක තුවක්කුවක් අතැති ත්‍රස්ත සාමාජිකයෙකු සිටින අයුරු දැක්වෙනවා.
එහි එක් කොටසක ඈතින් සිටින පුටින්ගේ හිසට ඉලක්කය ගෙන ඇති අයුරු දක්වා තිබෙනවා.
රුසියාවේ නගර 11කදී පැවැත්වීමට නියමිත මෙවර පාපන්දු ලෝක කුසලානය ලොව පුරා වෙසෙන පාපන්දු ලෝලීන් රුසියාවට පැමිණීමට නියමිත බැවින් එහි ආරක්ෂාව සඳහා විශේෂ අවධානයක් යොමුව ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.