Gossips

ලෝක ආර්ථිකය අවදානමක – අයි.එම්.එෆ්. අනතුරු අඟවයි

ඇමරිකා එක්සත් ජනපදය හා චීනය අතර වෙළඳ යුද්ධය හේතුවෙන් මේ වසරේදී සහ ලබන වසරේදී ලෝක ආර්ථික වර්ධනය කැපී පෙනෙන ලෙස පහත වැටෙනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අගවනවා.
සිය නවතම ලෝක ආර්ථික දැක්ම ඉදිරිපත් කරමින් අයි.එම්.එෆ්. ආයතනය කියා සිටියේ ඒ අනුව මේ වසරේදී සහ ලබන වසරේදී ලෝක ආර්ථික වර්ධනය සියයට 3.7කට සීමා වනු ඇති බවයි.
එමෙන්ම විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන් බොහෝ දුරට දුර්වල වනු ඇති බවයි එමගින් ප්‍රකාශ කර ඇත්තේ.
අයි.එම්.එෆ්. වාර්තා අනුව ඉන්දීය ආර්ථිකය මේ වසරේදී සියයට 7.3කින් වර්ධනය වනු ඇති.
ට්‍රම්ප් පරිපාලනය විසින් පනවන බදු හේතුවෙන් ලෝකය දුප්පත් සහ අනතුරුදායක තත්ත්වයකට පත් වන බවයි අයි.එම්.එෆ්. ආයතනය පෙන්වා දෙන්නේ.