Gossips

ලෝකෙම ආදරය කළ ශූරයා WWE විශ්ව ශූරතාවයෙන් සමුගනී

WWE රෙස්ලිං ශූරයෙකු වන රෝමන් රෙයින්ස් හට ආදරය කළ සියල්ලන්ටම පසුගිය සඳුදා දිනය මහත් කනගාටුදායක දිනයක් වූවා.
ඒ ඔහු විශේෂ නිවේදනයක් කරමින් තමන්ට ලියුකේමියා රෝගයෙන් පීඩා විඳින බව හෙළිකිරීම හේතුවෙන්.
මේ හේතුවෙන් සිය විශ්ව ශූරතාව අත්හැරීමට තීරණය කර ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
මෙය රෙස්ලිං ක්‍රීඩාවෙන් සදාකාලික සමුගැනීමක් නොවන බවත් එය රෝගය සුවවන තුරු පමණක් බවත් රෝමන් වැඩිදුරටත් සඳහන් කළා.
මීට වසර 11 කට පෙර තමන්ගේ රෝගී තත්වය හඳුනාගනු ලැබුව ද එය මේ වනවිට උත්සන්න වී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
ඒ අනුව තවදුරටත් රෙස්ලිං වලල්ලේදී තම රසිකයන්ට සාධාරණයක් ඉටුකිරීමට නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
Joseph Anoa ඔහුගේ සත්‍ය නම වන අතර WWE ඔහු ජනප්‍රිය වන්නේ Roman Reigns නමින්.
ඔහු WWE ලෝක හෙවිවේට් ශූරතාව තුන්වරක් හා විශ්ව ශූරතාව එක් වරක් දිනාගැනීම විශේෂත්වයක්.