Gossips

ලෝකාන්තයෙන් ඇද වැටුණු කාන්තාවගේ සිරුර සොයාගැනේ

හෝටන්තැන්න – ලෝකාන්තයෙන් පහළට ඇද වැටුණු 35 හැවිරිදි ජූලියා එල්ගා නැමති ජර්මන් කාන්තාවගේ සිරුර සොයාගැනීමට හැකිවී තිබෙනවා.
බලංගොඩ – නන්පේරියල් වත්ත ප්‍රදේශයේ තිබී ඇයගේ සිරුර සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.
ඇය සිය යෙහෙළියක සමඟ එම ස්ථානයට පැමිණ තිබූ අතර, ඡායාරූපයක් ගැනීමට යාමේදී මෙම අනතුර සිදුවුණා.
අද උදෑසන 7.50 ට පමණ අනතුර සිදුව තිබු අතර, ඇය සෙවීමේ මෙහෙයුමට යුද, ගුවන් හමුදා භට පිරිස් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ද එක්ව සිටිනයා.