Gossips

ලෝකවාසීන් දැඩි උද්යෝගයෙන් සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය නරඹයි (ඡායාරූප)

ඊයේ රාත්‍රියේ පුරා පැය එකයි විනාඩි 43ක් දිස්වූ මෙම සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය නැරඹීමට ලොව පුරා දැඩි උද්යෝගයක් පැවති බව විදෙස් වාර්තා සඳහන් කළා.
ඒ සඳහා අක්ෂි ආරක්ෂණ අවශ්‍ය නොවූ අතර, අප්‍රිකාවේ සිට මැදපෙරදිග යුරෝපය, රුසියාව, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව දක්වා ජනයා දුරේක්ෂ ආදිය ද චන්ද්‍රග්‍රහණය නැරඹීමට යොදාගනු ලැබුවා.
ඍජු සූර්යාලෝකය අවහිර කරමින් පෘථිවිය සහ සූර්යයා අතරට පිවිසි චන්ද්‍රයා තැඹිලි, දුඹුරු හෝ රතු පැහැයෙන් දිස්වූ අයුරු ඒ ඒ රටවල ප්‍රකට ස්ථාන පසුබිම් කරගෙන ඡායාරූප ගත කර තිබෙනවා.
කෙසේ නමුත්, වැසි වලාකුළුවලින් අහස්කුස වැසී යාම නිසා ලන්ඩන්වාසීන්ට හෝ නවදිල්ලි වාසීන්ට චන්ද්‍රග්‍රහණය දැක ගැනීමට හැකි වී නැහැ.
මෙතරම් දිගු පූර්ණ චන්ද්‍රග්‍රහණයක් මීළඟට දිස්වන්නේ වසර 2123දීයි.