Gossips

ලෝකවාසීන් කාලගුණ වෙනසට ගොදුරු වීම වේගවත් වෙයි

මිහිතලය උණුසුම්වීමේ භෞතික සහ මූල්‍යමය බලපෑම් වේගවත් වී ඇති බවට ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අනතුරු අගවනවා.
වාර්තාගත අන්දමින් හරිතාගාර වායු නික්මීම නිසා උෂ්ණත්වය අනතුරුදායක ලෙස ඉහළ යමින් පවතින බවයි එමගින් පෙන්වා දෙන්නේ.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය මේ බව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර බලශක්ති ආයතනය විසින් 2018 වසරේ කාබන්ඩයොක්සයිඞ් වායුගෝලයට එක්වීම වේගවත් වී ඇති බවට වාර්තාවක් නිකුත් කර තිබියදියි.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ වාර්තාවට අනුව 2018 වසරේදී මිලියන 62ක් ලෝකවාසීන් කාලගුණ වෙනස නිසා ඇති වූ ආපදාවලට ලක්වී තිබෙනවා.
මිලියන 35ක් ජනතාව ජල ගැල්මට ගොදුරු වූ අතර ෆ්ලෝරන්ස් සහ මයිකල් සුළි කුණාටුවලින් ඇමරිකාවට ඩොලර් බිලියන 14ක පාඩුවක් සිදුවී ඇති අතර මැන්කුට් සුළි සුළඟින් පිලිපීනයේ 134 දෙනෙකු මිය ගොස් විසි හතර ලක්ෂයකට බලපෑම් එල්ල වුණා.