Gossips

ලෝකය පැයක් අඳුරු වෙයි (ඡායාරූප)

පරිසරය සහ වන දිවිය සුරැකීමේ වැදගත්කම ලොවට ආදර්ශනය කිරීමේ අරමුණින් වසරක් පාසා සැමරෙන මිහිකත හෝරාව ඊයේ ලොව පුරා ක්‍රියාත්මක වුණා.
ඒ අනුව ලොව ප්‍රකට ස්මාරක ඇතුලූ ප්‍රධාන නගර සියල්ලම සිය කලාපය අනුව රාත්‍රී 8.30 සිට 9.30 දක්වා විදුලි පහන් නිවා මිහිතල හෝරාව සැමරූ බව සඳහන්.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි – ඔපෙරා රඟහල, ප්‍රංශයේ අයිෆල් කුළුණ, මොස්කව් නුවර – රතු චතුරශ්‍රය වැනි ප්‍රකට මර්මස්ථාන ඇතුලූ ලොව පුරා රටවල් 187 ක නගර 7000 කට වැඩි සංඛ්‍යාවක් මිහිකත හෝරාව සැමරූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
2007 වසරේදී මිහිකත හෝරාව සැමරීම ආරම්භ කෙරුණේ පරිසරය සඳහා වූ ලෝක අරමුදලේ මූලිකත්වයෙන්.