Gossips

ලෝකය ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කරන බව ජනපති, මැන්ඩෙලා සාම සමුළුවේදී කියයි (ඡායාරූප)

නෙල්සන් මැන්ඩෙලා ලෝකයට පිළිබිඹු කළ බලය අත්හැරීමට ප්‍රතිවිරුද්ධ දෙසට ලෝකය ගමන් කරමින් පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඊයේ පැවති නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුවට එක්වෙමින්.
මෙය සංවිධාන කෙරුණේ දකුණු අප්‍රිකාවේ වර්ණභේද වාදය තුරන් කිරීමට කටයුතු කළ එරට ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා වූ නෙල්සන් මැන්ඩෙලාගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන්.
මෙම සමුළුව ගෝලීය සාමය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල කැපවීම ප්‍රදර්ශනය කිරීම සඳහා අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ.
ගැටුම් වැළැක්වීම, ඒවාට විසඳුම් සැපයීම, සාමය ගොඩනැගීම මෙන්ම මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම පිළිබදව ද මෙම සමුළුවේදී අවධානය යොමු යොමු කෙරුණා.
නෙල්සන් මැන්ඩෙලා ප්‍රචලිත කළ අගයන් තහවුරු කිරීමේ දේශපාලන ප්‍රකාශනයක් සම්මත කරගැනීමද සමුළුවේ අරමුණක්.
නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී මහා මණ්ඩල විවාද සැසිය අද ආරම්භ වනවා.
ඒ, ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ඉදිරිපත් කරන වාර්තාවකින් අනතුරුවයි.
නිව්යෝක් වේලාවෙන් අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජගත් සංවිධාන මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි.