Gossips

ලෝකයේ සාගර උණුසුම්වීම වේගවත් වෙයි

මිහිතලය උණුසුම්වීමේ සංසිද්ධිය හේතුවෙන් ලෝකයේ සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම වේගවත් වී ඇති බව නව අධ්‍යනයකින් හෙළිවී තිබෙනවා.
ඇමරිකානු ජාතික විද්‍යා සඟරාවේ තොරතුරු පළවී ඇති එම අධ්‍යයනය සිදුකර ඇත්තේ චීන ජාතික විද්‍යා ආයතනය ඇතුලූ කණ්ඩායම් කිහිපයක් විසින්.
එමඟින් පෙන්වා දී ඇත්තේ සාගර ජලය උණුසුම්වීම පසුගිය කාලය තුළ වේගවත් වී ඇති අතර, එමඟින් සමුද්‍ර ජීවීන් සහ පැළෑටිවල පැවැත්මට විශාල තර්ජනයක් එල්ලවී ඇති බවයි.
එය මිනිස් ආහාර දාමයේ ප්‍රධාන කොටසක් වීම හේතුවෙන් අනතුරුදායක තත්ත්වයක් උදාවිය හැකි බවයි අධ්‍යනයට එක්වූ කැලිෆෝනියා සරසවියේ විද්‍යාඥයෙකු පෙන්වා දී ඇත්තේ.
පොසිල ඉන්ධන දහනයෙන් හරිතාගාර වායු සහ ඕසෝන් ස්ථරය අතර රැඳී ඇති අතිරික්ත උණුසුමෙන් සියයට 93 ක් අවශෝෂනය කරගන්නේ මිහිතලයේ පැතිරී ඇති සාගර ජලය මගින්.