Gossips

ලෝකයේ දිගම මුහුදු පාලම අද විවෘත වෙයි

චීනයේ සිට හොංකොං සහ මැකාවු දිවයින් යා කරමින් ඉදිවූ කිලෝමීටර් 55ක් දිගැති ලොව දිගම මුහුදු පාලම අද (23) විවෘත කෙරෙනවා.
චීනයේ ෂූහායි නගරයේ සිට එය විවෘත කිරීමේ උත්සවයට ජනාධිපති ෂී – ජින්පින් ද සහභාගිවීමට නියමිතයි.
ඩොලර් බිලියන 20ක වියදමින් ඉදිවූ මෙම දැවැන්ත පාලම සඳහා වානේ ටොන් හාර ලක්ෂයක් යොදාගෙන ඇති අතර, එම ලෝහ ප්‍රමාණය අයිෆල් කුළුණු 60ක් ඉදිකිරීමට ප්‍රමාණවත් බව සඳහන්.
පර්ල් ගංඟාධාරයේ සිට මුහුද හරහා ඉදිකර ඇති මෙම පාලම කෘත්‍රිම දිවයින් දෙකක් හරහා දිවෙන අතර, මුහුදු උමඟකින් ද සමන්විතයි.
මුහුදු උමඟ ඒ මතින් නෞකා ගමනාගමනයට ඉඩ සලසනු ඇති.
මෙම පාලම මගින් හොංකොං සහ චීනය අතර ගමනාගමනයට වැය වූ පැය 4ක කාලය විනාඩි 30ක් දක්වා අඩු වන බවයි චීන බලධාරින් ප්‍රකාශ කළේ.