10 වන වරටත් තායිලන්තයේ බැංකොක් නුවර පැවති ලෝක කාය වර්ධන ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ලූෂන් පුෂ්පරාජ්ට ඊයේ (16) හැකියාව ලැබුණා.
ලූෂන් මෙම තරඟාවලියට එක්වුණේ කිලෝග්‍රෑම් 100ට වැඩි බර පන්තිය නියෝජනය කරමින්.
මීට පෙරද අවස්ථා කිහිපයකදී ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකාවට හිමිකර දීමට ඔහුට හැකියාව ලැබුණා.
ලෝක කාය වර්ධන ශූරතාව දින ගැනීමෙන් අනතුරුව ලූෂන් පුෂ්පරාජ් කියා සිටියේ මෙම ජයග්‍රහණය වෙනුවෙන් ආශිවාද කළ සහ කැපකිරීම් කළ සියලු දෙනාට තමන් ස්තූතිවන්ත වන බවයි.
හෙට (18) රාත්‍රියේ ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
