Gossips

ලෝකයටම ජල හිඟයක්

ලෝක ජනගහණයෙන් අඩක් එනම්, බිලියන 3.6ක් ජනතාව දැනටමත් ජල හිඟයකට මුහුණ දෙන අතර ඔවුන් අවම වශයෙන් වසරකදී මාසයක්වත් ජලය නොමැතිව පීඩාවට ලක්වන බව ජගත් සංවිධානය පෙන්වා දෙනවා.
එක්සත් ජාතීන්ගේ 2018 ලෝක ජල සංවර්ධන වාර්තාව දැන් නිකුත් වී ඇති අතර, එමගින් පෙන්වා දී ඇත්තේ වසර 2050 වන විට බිලියන 5 ඉක්ම වූ ලෝකවාසීන් ජල හිඟයකට මුහුණ දෙනු ඇති බවයි.
පසුගිය වසර 100 තුළ ලෝකයේ ජල පරිභෝජනය 6 ගුණයකින් වැඩි වී ඇති අතර, ජනගහණය වැඩිවීම හේතුවෙන් වසරක් පාසා එය සියයට 1කින් වර්ධනය වනවා.