Gossips

ලොව ළමයින් මිලියන 357 ක් යුද අරගල හේතුවෙන් පීඩා විඳින බව හෙළිවෙයි

ලොව සෑම ළමයින් හය දෙනෙකුගෙන්ම එක් ළමයෙකු යුද අරගල හේතුවෙන් පීඩා විදින බව ජාත්‍යන්තර සුභසාධන සංවිධානයක් විසින් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
ලෝකය පුරා ළමයින් මිලියන 357 ක් මෙම අවදානමට මුහුණ දී ඇති අතර 1995 සිට මේ දක්වා කාලය තුල සියයට 75කින් එම තත්ත්වය ඉහළ ගොස් ඇති බවයි සමීක්ෂණ දත්ත වාර්තා පෙන්වා දී ඇත්තේ.
යුධමය අරගල කළාප සහිත රටවල් අතුරින් සිරියාව, ඇෆ්ගනිස්ථානය සහ සෝමාලියාව ඉහළින්ම සිටින අතර මැදපෙරදිග රටවල ළමයින්ද මෙම තත්ත්වයට මුහුණ දෙන බවයි සමීක්ෂකයින් ප්‍රකාශකර ඇත්තේ.