Gossips

ලොව සතුටින්ම සිටින රටවල් අතරින් ශ්‍ර‍්‍රී ලංකාව ඉදිරියට

ලොව සතුටින්ම සිටින රටවල් අතර, 116 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.
මීට පෙර ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 120 වන ස්ථානයයි.
මීට අදාළ සමීක්ෂණ සිදුකරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන විසඳුම් පද්ධතිය මඟින්.
ලොව සතුටින්ම සිටින රටවල් අතර, පළමු ස්ථානයේ පසුවන්නේ පින්ලන්තය වන අතර එහි අවසන් ස්ථානය බුරුන්ඩි රාජ්‍යයට හිමිව තිබෙනවා.
අදාළ සමීක්ෂණය මගින් රටවල පුද්ගලයින්ගේ සෞඛ්‍ය, ආයු කාලය, සමාජ නිදහස, ත්‍යාගශීලිභාවය සහ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ආදී කරුණු සැලකිල්ලට ගෙන තිබෙනවා.