Gossips

ලොව විශාලම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය කරච්චි බලා පිටත්ව යයි

පසුගිය 17 වැනිදා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහනය කරන ඇන්ටනොව් ඒ.එන්.225 යානය අද (20) අලුයම කරච්චි නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.
මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පාකිස්ථානයේ, කරච්චි නුවර දක්වා භාණ්ඩ තොගයක් රැගෙන යමින් තිබියදී ඉන්ධන සපයා ගැනීම සහ කාර්ය මණ්ඩලයේ කටයුතු සඳහායි මේ යානය මත්තල ගුවන් තොටුපලට ගොඩ බස්සවා ඇත්තේ.