Gossips

ලොව විශාලම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත්තලට (ඡායාරූප)

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහනය කරන ඇන්ටනොව් ඒ.එන්.225 යානය අද (18) උදෑසන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ගොඩබස්වා තිබෙනවා.
මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පාකිස්ථානයේ, කරච්චි නුවර දක්වා භාණ්ඩ තොගයක් රැගෙන යමින් තිබියදී මෙම යානය ගොඩබැස්වූ බවයි ගුවන්තොටුපල කාර්යභාර කළමනාකරු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ඉන්ධන සපයා ගැනීම සහ කාර්ය මණ්ඩලයේ කටයුතු සඳහා ගොඩබැස්වූ යානය හෙට (19) අලූයම යළි කරච්චි නුවර බලා ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
මෙම යානයේ වරකට භාණ්ඩ ටොන් 640ක් පමණ රැගෙන යාමේ හැකියාව පවතිනවා.