Gossips

ලොව විශාලතම හමුදාව කුඩා වෙයි

ලොව විශාලතම යුද හමුදාව වන චීනයේ මහජන විමුක්ති හමුදාව තුන් ලක්ෂයක භට පිරිස් කපා හැරීමට තීරණය කර තිබෙනවා.
ඒ සඳහා වන සැලසුම් අග්‍රාමාත්‍ය ලී කෙකියෑන් එරට ජාතික මහජන කොංග්‍රසය වෙත ඊයේ (05) ඉදිරිපත් කළා.
දැනට විසි තුන් ලක්ෂයක් වන මහජන චීන විමුක්ති හමුදාව විසි ලක්ෂයක් දක්වා අඩු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
එමගින් නූතන යුද්ධ ජයග්‍රහණය කළ හැකි ශක්තිමත් හමුදාවක් නිර්මාණය කළ හැකි බව චීන රජයේ අදහසයි.
80 දශකයේ 45 ලක්ෂයක් පමණ වූ මහජන චීන විමුක්ති හමුදාව 1985 වසරේදී තිස් ලක්ෂයකට පමණ සීමා කෙරුණු අතර, පසුව විසි තුන් ලක්ෂය දක්වා අඩු කෙරුණා.