Gossips

ලොව විශාලතම රාජ්‍ය සෞඛ්‍ය රක්ෂණය ඉන්දියාවේ දියත් කෙරේ

සෞඛ්‍ය සේවාවන් ඇවැසි එහෙත් ඒ සඳහා ප්‍රමාණවත් ආදායමක් නොමැති කෝටි 50 ක් ඉන්දියානුවන්ට රාජ්‍ය රක්ෂණ සේවාවක් අද දියත් කෙරෙනවා.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංකල්පයකට අනුව ආයුෂ්මන් භාරත් ලෙස හැඳින්වෙන මෙම රක්ෂණ ක්‍රමය සඳහා ඉන්දිය මධ්‍යම රජය සියයට 60 ක මූල්‍ය දායකත්වයක් දක්වන අතර, ප්‍රාන්ත රජයන් මගින් ඉතිරි සියයට 40 වැය කිරීමට නියමිතයි.
ප්‍රාන්ත සහ අනෙකුත් ප්‍රදේශ 31 ක්, යෝජනා ක්‍රමයට එක්ව සිටින අතර, තෙලංගනා, ඔඩීෂා, දිල්ලි කේරළ සහ පන්ජාබ් ප්‍රාන්ත ඊට එක්වී නැහැ.
අද සංකේතාත්මකව දියත් කෙරෙන මෙම රක්ෂණ ක්‍රමයට තෝරා ගැනුනු දස කෝටි හැත්තෑ හතර ලක්ෂයක් පවුල් වෙත අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ලිපියක්ද යොමු කෙරෙනවා.
ඔහුගේ ඡායාරූපය සහිත මෙම ලිපිය මගින් සෞඛ්‍ය රක්ෂණයේ වැදගත්කම පැහැදිළි කරන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.