Gossips

ලොව විශාලතම මගී ගුවන් යානා නිෂ්පාදනය අත්හිටුවයි

ලොව විශාලතම මගී ගුවන් යානය වන එයාර් බස් සමාගමේ ඒ – 380 වර්ගයේ මහල් දෙකකින් යුත් මගී ගුවන් යානාවල නිෂ්පාදන කටයුතු මේ වනවිට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ප්‍රමාණවත් මගීන් සංඛ්‍යාවක් නොසිටීම, ඇණවුම් සීමා වීම යන කරුණු හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
වැය වන දැවැන්ත පිරිවැයට සාපේක්ෂව ලාභ ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් 2021 වර්ෂයේදී මෙම ගුවන් යානා නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.
ඒ 380 වර්ගයේ මගී ගුවන් යානයක පුද්ගලයින් 800 කට පමණ ගමන් කළ හැකි අතර, ඒවායේ විශාලත්වය හේතුවෙන් බොහොමයක් ගුවන්තොටුපල නවීකරණය කිරීමට ද සිදුවුණා.