Gossips

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන යානයක් මත්තලට (ඡායාරූප)

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන යානයක් වන ඇන්ටනෝව් ADB 2540 ගුවන්යානයක් අද මත්තල ගුවන්තොටුපලට ගොඩබස්වා තිබෙනවා.
ඉන්දුනීසියාවේ සිට මස්කට බලා ගමන් කිරීමට පැමිණි මෙම යානය අද පස්වරු 1.40 ට පමණ මත්තලට ගොඩබැස්වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
19 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩල සාමාජිකයන්ට විවේක ගැනීම සඳහා සහ යානයට ඉන්ධන ලබා ගැනීම සඳහා එය මත්තලට පැමිණ ඇතැයි සඳහන්.
පසුගිය අප්‍රේල් මස 18 වනදා ද ඇන්ටෙනා්ව් 225 ගුවන්යානයක් මත්තලට ගොඩබස්වනු ලැබුවා.

ඡායාරූප – හම්බන්තොට රාහුල් සමන්ත