Gossips

ලොව වැඩිම ගුවන් අනතුරු සිදුවූ වසර බවට පසුගිය වසර පත් වේ

ලොව වැඩිම ගුවන් අනතුරු සිදුවූ වර්ෂය ලෙස පසුගිය වසර සැලකිය හැකි බව ගුවන් සේවා ආරක්ෂක ජාලය පවසනවා.
පසුගිය වසරේ සිදුවූ ගුවන් යානා අනතුරුවලින් 556 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.
2017 වසරේ ගුවන් අනතුරුවලින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 44 ක්.
මීට අමතරව, ගුවන් සේවා ආරක්ෂක ජාලය නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වුණේ ගුවන් අනතුරු වැඩිවුවත් සමස්තයක් ලෙස ගත් කළ සිදුවූ රිය අනතුරු ප්‍රමාණය පසුගිය වසරේදී අඩුවී ඇති බවයි.
ඒ අනුව, ගෙවුණු වසර ලොව 9 වැනි ආරක්ෂිත වර්ෂය ලෙස ඔවුන් හඳුන්වා දී තිබෙනවා.