ඔස්ටි්රයාවේ වියෙනා නුවර ලොව වාසය කිරීමට හොඳම නගරය ලෙස නම් කර තිබෙනවා.
‘ද ඉකොනොමිස්ට්’ ජාත්‍යන්තර සඟරාව මගින් වාර්ෂිකව පවත්වන සමීක්ෂණයක ප්‍රතිඵල අනුවයි එම නම් කිරීම සිදුකර ඇත්තේ.
ඒ අනුව පසුගිය වසර 7 මුළුල්ලේ ලොව ජීවත්වීමට හොඳම නගරය ලෙස කිරුළ දැරූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට ප්‍රමුඛත්වය අහිමි වනු ඇති.
ඔවුන්ට මෙවර දෙවන ස්ථානය හිමි වී ඇති අතර, ජපානයේ ඔසාකා, කැනඩාවේ කැල්ගරි සහ ඕස්ට්‍රේලියාවේ සිඞ්නි ලැයිස්තුවේ 3 වන, 4 වන සහ 5 වන ස්ථානවලට නම් කර තිබෙනවා.
ලොව වාසය කිරීමට අහිතකරම නගර ලැයිස්තුවේ පෙරමුණ ගන්නේ සිරියාවේ ඩමස්කස් නුවරයි.
බංග්ලාදේශයේ ඩකා, නයිජීරියාවේ ලේගොස් සහ පාකිස්තානයේ කරච්චි, එහි දෙවන, තුන්වන සහ 4 වන ස්ථානවලට නම් කෙරුණා.
