Gossips

ලොව වායු දූෂණය වැඩිම නගර 10 න් 6 ක් ඉන්දියාවේ

ලොව වායු දූෂණයෙන් ඉහළම නගරය ඉන්දියාවේ නවදිල්ලියට නිරිත දෙසින් වූ ගුරුග්‍රාම් නගරය බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
තවත් ඉන්දීය නගර 6 ක් එලෙස වායු දූෂණයෙන් ඉහළ පළමු නගර 10 ට ඇතුළත් වන අතර, පාකිස්ථාන නගර දෙකක් සහ චීනයේ හොටන් නගරය ද ඒ අතර වනවා.
ෆයිසලාබාද් සහ ලාහෝර් වායු භීෂණය ඉහළ පාකිස්ථාන නගරයි.
මෙම අධ්‍යයනය මගින් වායු දූෂණය ගණනය කර ඇත්තේ මිනිසාගේ පෙනහළු තුලට සහ රුධිර සංසරණයට එක්වන ධූලි අංශු වායු ගෝලයේ පවතින ප්‍රමාණය අනුවයි.
අධ්‍යයනය සිදුකළ ග්‍රීන්පීස් ආයතනය සදහන් කළේ වායු දූෂණය නිසා සිදුවන මරණවලට අමතරව, වාර්ෂිකව ඩොලර් මිලියන 225 ක ශ්‍රම හානියක් මෙන්ම, ඩොලර් ටි‍්‍රලියන ගණනක වෛද්‍ය වියදම් දැරීමට සිදුවන බවයි.