දැනට ලොව ජීවත්වන වයස්ගතම මිනිසා ලෙස වයස අවුරුදු 112 ක් වන ජපානයේ මසාසෝ නොනාකා ගිනස් වාර්තා ආයතනය මගින් අද පිළිගනු ලැබුවා.
ඔහු උපත ලබා ඇත්තේ ඇල්බට් අයින්ස්ටයින් සාපේක්ෂතා වාදය හඳුන්වාදීමට මාස කිහිපයකට පෙර එනම් 1905 වසරේ ජූලි 25 වනදායි.
හොකයිඩෝ දිවයිනේ සිය දරු මුණුපුරන් සමඟ ජීවත්වන මසාසෝ ඕනෑම ආකාරයක රසකැවිලි ආහාරයට ගැනීමට ප්‍රියත්වයක් දක්වන අතර, උණුදිය උල්පත්වලින් නෑමටද පුරුදුවී සිටින බව සඳහන්.
1931 වසරේ විවාහ වූ ඔහුට ළමයින් පස්දෙනෙකු සිටිනවා.
මසාසෝ නොනාකා ලොව වයස්ගතම මිනිසා වූයේ වයස අවුරුදු 113 ක් වූ ස්පාඤ්ඤයේ ප්රැන්සිස්කෝ ඔල්වේරා පසුගිය පෙබරවාරියේදී මියයාමෙන් අනතුරුවයි.
ජපානය ජීවිත අපේක්ෂාව අතින් ඉහළ මට්ටමක සිටින රටක් වන අතර, එරට සිටින වයස අවුරුදු 100 ඉක්මවූවන්ගේ සංඛ්‍යාව 68,000 කට අධිකයි.