Gossips

ලොව වයස්ගතම පුද්ගලයා මියයයි

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකුණු ජපානයේ නබි ටජීමා නැමැති කාන්තාව වයස අවුරුදු 117 ක්ව සිටියදී ඊයේ මියගොස් තිබෙනවා.
1900 වසරේ අගෝස්තු 04 වැනිදා උපත ලද ඇයට දරු මුණුපුරන් 160 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් සිටින බව සඳහන්.
ඇය ලොව වයස්ගතම පුද්ගලයා බවට පත්වුණේ 117 හැවිරිදි ජැමෙයිකානු ජාතික වයලට් බ්‍රවුන් පසුගිය වසරේ ජුලි මාසයේදී මියයාමෙන් අනතුරුවයි.
නබි ටජීමා ඊයේ මියයාමෙන් පසු ලොව වයස්ගතම පුද්ගලයා ලෙස මීළඟට ගිනස් වාර්තා පොතට එක්වන්නේද ජපාන කාන්තාවක්.
ඇය චියෝ යෝෂීඩා නැමැති 116 වියැති කාන්තාවක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ලොව වයස්ගතම පිරිමි පුද්ගලයා ලෙස සැලකුණු මසාසෝ නොනාකාද වයස අවුරුදු 112 ක්ව සිටියදී මේ මස මුලදී මියගියා.
ජීවිත අපේක්ෂාව අතින් පෙරමුණ ගන්නා ජපානයේ මේ වනවිට වසර 100 ඉක්මවූවන් 68,000 කට වැඩි සංඛ්‍යාවක් සිටින බවයි එරට රජය ප්‍රකාශ කළේ.