Gossips

ලොව ලාබාලතම බිලියනපතියා මෙන්න

ලොවම උඩුයටිකුරු කරමින් සියල්ලන් වසඟයට ගත් කයිලිගෙන් අලුත් පිම්මක්
ලෝකයම වසඟයට ගත් කයිලී ජෙනර් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
ඒ ෆෝබ්ස් සඟරාවේ බිලියනපතියන්ගේ ලැයිස්තුවට අනුව තනිව ගොඩනැගුණු ලොව ලාබාලතම බිලියනපතියා ලෙස නම් කිරීමත් සමඟයි.
මේ වනවිට ලෝකයම තම වසඟයට ගත් සුරූපිනිය කිම් කාදෙශියන්ගේ ලාබාලතම නැගණිය වන ඇයගේ ධනවත් වීම පිළිබඳව විවධ වාර්තා පලවෙමින් තිබෙනවා.
ඇයගේ සමස්ත වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවන බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.
ඇය මෙම ධනය උපයා ඇත්තේ ඇයගේ කයිලී කොස්මෙටික්ස් නම් රූපලාවණ්‍ය ව්‍යාපාරය හේතුවෙන්.
එහි පසුගිය වසරේ ආදායම ඩොලර් මිලියන 360ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.
මේ වනවිට 21 හැවිරිදි වියේ පසුවන කයිලී ජෙනර් පවසන්නේ තමන්ට ලැබුණු තත්වය ඉතා හොඳ බවයි.
මේ අතර ලෝ ප්‍රකට ෆේස්බුක් හි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ලැයිස්තුවට එක් වන විට 23 හැවිරිදි වියේ පසුවූ අතර කයිලි 21 හැවිරිදි වියේදී එයට එක්වීම තවත් විශේෂත්වයක්.
තමන් අනාගතය පිළිබඳව සැලසුම්කර නොමැති බවත් තමන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවුන බවත් ඇය සුප්‍රකට ෆෝබ්ස් සඟරාවට පවසා තිබෙනවා.
කෙසේ වෙතත් මේ වනවිටත් ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන්නේ ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස්.
ඔහුගේ සමස්ත වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 131 ක් බවයි ෆෝබ්ස් සඟරාව පෙන්වාදෙන්නේ.
ලොව පුරා සිටින කෝටිපතියන් අතරින් කාන්තාවන් ඇත්තේ 252 දෙනෙකු බවයි එම සඟරාව වැඩිදුරටත් වාර්තා කරන්නේ.