Gossips

ලොව ලාබාලතම ටෙස්ට් නායක ආර්චි, ඉන්දියාවට එරෙහිව තරඟ බිමේ

ඉන්දියාව සමග අද මෙල්බන් හිදී ආරම්භ වූ 3 වන ටෙස්ට් තරඟය සඳහා අවුරුදු 7ක් වයසැති ආර්චි ෂිලර් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නිත්‍ය නායක ටිම් පේන් සමඟ සම නායකත්වයේ කටයුතු කරනවා.
ඉතා දුර්ලභ ගණයේ හදවත් රෝගයකින් පෙලෙන මෙම දරුවාගේ එකම ආශාව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීම බව ඔහු සිය පියාට පවසා තිබූ අතර, ඒ පිළිබදව පියා එරට ක්‍රිකට් ආයතනය දැනුම්වත් කිරීමෙන් පසුව කටයුතු කළා.
ඒ අනුවයි ආර්චි ෂිලර්ට එම අවස්ථාව ලබාදීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබුවේ.
ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක නේදන් ලයන්ගේ සහයක පන්දු යවන්නා ලෙස ආර්චි ෂිලර් ඉන්දියාවට එරෙහිව අද ආරම්භ වූ තුන්වන ටෙස්ට් තරඟයේ ක්‍රීඩා කරනවා.