Gossips

ලොව බරින් අඩුම චන්ද්‍රිකාව ඉන්දියාවෙන්

ඉන්දියාව ලොව බරින් අඩු නවතම චන්ද්‍රිකාව කක්ෂගත ගත කර තිබෙනවා.
කලාම්සැට් වී 2 ලෙස නම් කර ඇති යානය එරට උසස් අධ්‍යාපනය හදාරන සිසුන් පිරිසක් නිර්මාණය කර ඇති අතර, එහි බර කිලෝග්‍රෑම් 1.26ක්.
ගුවනින් ඡායාරූප ගැනීම සහ තොරතුරු රැස් කිරීමට අපේක්ෂිත මෙම චන්ද්‍රකාව ශ්‍රී – හරිකොටා ගගන මධ්‍යස්ථානයෙන් කක්ෂගත කළ බවයි ඉන්දීය වාර්තා ප්‍රකාශ කළේ.