Gossips

ලොව පුරා ළමා විවාහ සංඛ්‍යාව පහළට

පසුගිය දශකය තුළ ලොව පුරා ළමා විවාහ මිලියන 25ක් පමණ වැළැක්වීමට හැකි වී ඇති බව යුනිසෙෆ් හෙවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසනවා.
එමගින් පෙන්වා දෙන්නේ දශකයකට පෙර ලෝකයේ සෑම ගැහැණු ළමයින් 4 දෙනෙකුගෙන් එක් අයෙකු, වයස අවුරුදු 18ට පෙර විවාහ වුවද දැන් එම සංඛ්‍යාව සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙකු ලෙස අඩු වී ඇති බවයි.
දකුණු ආසියාතික කලාපය ළමා විවාහ වැළැක්වීම අතින් පෙරමුණ ගෙන ඇති අතර, අප්‍රිකාවේ තවමත් එම තත්ත්වය දක්නට ලැබෙන බව යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙනවා.
ළමා විවාහ වැළැක්වීමට ගැහැණු දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීම විශේෂයෙන් ඉවහල් වී ඇති බවයි එමගින් සඳහන් කළේ.