Gossips

ලොව පුරා සරම්ප පැතිරීම තුන් ගුණයකින් ඉහළට

මේ වසරේ පළමු මාස 03 තුළ ලොව පුරා සරම්ප රෝගය පැතිරීම තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එය සියළු කලාපයන් සැලකූ විට කැපී පෙනෙන ප්‍රවණතාවයක් බවයි එමඟින් පෙන්වා දෙන්නේ.
සරම්ප රෝගය පැතිරීම වේගවත් වීම අප්‍රිකානු කලාපයේ විශේෂයෙන් දක්නට ලැබෙන අතර, එහි වර්ධනය 700% ක්.
සැබෑ සරම්ප රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි අතර, වාර්තා වන්නේ රෝගය වැළඳුණු පුද්ගලයින්ගෙන් දහයෙන් එකක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි.